2024-10-15 වන දින අධයාපන අමාත්‍යාංශයේදී සමස්ත ලංකා සිංහල භාෂා තරග පැවැත්වනු ලැබුනි. ඒ සදහා අප පාසලේ සිසුන් තුන් දෙනෙකු පලාත් තරගයෙන් ජයග්‍රහණය ලැබ සුදුසුකම් ලබා සිටියා.එහිදී අප විද්‍යාලයට තෙවන ස්ථාන දෙකක් හිමිකර ගැනීමට සමත්ව ඇත. 🔴 සිංහල භාෂා කථික තරගය - 7 ශ්‍රේණිය R.T.G. තරුෂ උදයංග ශිෂ්‍යයා 🔴 සිංහල භාෂා පද්‍ය ගායනා තරගය - 7 ශ්‍රේණිය P.G. ශෂින්දි සත්සරනි ශිෂ්‍යයාව ✨️ආදරණීය දියණියනි,පුතණුවනි ඔබටත්, දිරිය දරු දිරිගැන්වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් විද්‍යාලීය ප්‍රණාමය...
ලෝක ගුරු දිනයට සමගාමීව සංවිධානය කෙරුනු ගුරු උපහාර වැඩසටහන.
2024 - 10 - 06 ලෝක ගුරු දිනයට සමගාමීව පවත්වනු ලැබූ ගුරු උපහාර වැඩසටහන 2024 - 10 - 08 වන දින සියලුම සිසු දරුවන්ගේ දායකත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.
වයස අවුරුදු 16න් පහළ සභාපති කුසලාන සමස්ත ලංකා රගර් තරගාවලියෙන් අනුශූරතාවය දිනු ක්‍රීඩකයින් ඇගයීම සහ ඒ වෙනුවෙන් ඔවුන්ට නිබඳ ශක්තියක් වූ ක්‍රීඩා පුහුණුකරු E.Y.M.S.කරුණාරත්න මහතා ඇගයීම සඳහා උත්සවයක් විද්‍යාලයේදී පැවැත්වුණී.
පසුගියදා පාසල් ළමා පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන් දිවුරුම්දීම සහ මංගල සැසිවාරය පවත්වනු ලැබිණි.
2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙමි සිට විශිෂ්ටතම ජයග්‍රහණ ලබා ගත්