නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
N.R.සේරසිංහ
මධ්‍යම පළාතේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් මිණිපේ අධ්‍යාපන කොට්ඨාසය තුළ පිහිටි මප/තෙල්/ හඳගනාව මහා විද්‍යාලය අධ්‍යාපනික ප්‍රතිඵල විෂය සමගාමී හා විෂය බාහිර යන සෑම අංශයකින්ම ඉදිරියෙන්ම සිටින පාසලක් බව පවසනුයේ හද පිරි සතුටිනි. විනය ගරුක බවින්ද ගුණනුවනින්ද ප දරුවන් නිරන්තරයෙන්ම පාසලට කීර්තියක් අත් කර දෙන බවද පවසනුයේ නිහතමානීය ආඩම්බරයකිනි. මෙවන් පසුබිමක පාසල හා ප්‍රජාව අතර අන්තර් සම්බන්ධතාවය තවදුරටත් සමීපව හා ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා පාසල නමින් නිල වෙබ් අඩවියක් ආරම්භ කිරීමට හැකිවීම පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මහඟු පිටුවහලක් වනු ඇතැයි මම අපේක්ෂා කරමි.මෙම මා හැඟි කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නොයෙකුත් අයුරින් කැපවුනු විද්‍යාලීය තොරතුරු සන්නිවේදනය විෂය භාර ගුරුතුමියට සහ ඒ සඳහා දායක වුණු සියලුම දූ දරුවන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් මාගේ හද පිරි ස්තුතිය පුදකර සිටිමි.
තාක්ෂණික දැනුමෙන් පෝෂණය වී අනාගත ලොව ජයගැනීමට සියලු දරුවන්ට හැකි වේවා යැයි මා එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.
N.R.සේරසිංහ
නියෝජ්‍ය විදුහල්පති
මප/තෙල්/හඳගනාව මහා විද්‍යාලය .





