පාසලේ ඉතිහාසය

සමස්ත ලංකා ජයග්‍රහණ

Beige Minimalist Creative Agency Website Desktop Prototype.png
Beige Minimalist Creative Agency Website Desktop Prototype.png
පාසලේ ඉතිහාසය

1955 අප්‍රේල් මස 25වන දින අධ්‍යාපන නිලධාරීතුමන්ගේ අංක CPK/14.35 දරණ ලියමනේ පරිදි K/හඳගනාව විද්‍යාලය විද්‍යාලයේ අලුත් ශාලාවේදී 19 දෙනෙකුගෙන් යුක්තව පාසල ආරම්භ විය. පාසලේ ප්‍රථම ශිෂ්‍යා බවට පත්ව ඇත්තේ (Admission no -01) හේරත් මුදියන්සේලාගේ යාපාබණ්ඩා මහත්මයාය.

 

 

 

                                    අක්කර 2ක භූමි ප්‍රමාණයක් තුළ ඉදිවී ඇති පාසල් භූමියේ තුනෙන් කොටසක් ගල් සහිත වියලි පොළවයි. පාසල් භූමිය හරි අඩක්ම ජල මාර්ගයකින් වටවී ඇත ඒ ප්‍රදේශයේ සුන්දරත්වය, වටිනාකම තව තවත් වැඩි කරනා මිනීපේ ඇළ මාර්ගයයි.මුල් කාලයේ බාලාංශ පන්ති සහ 6 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා  පාසලේ අධයාපන කටයුතු සිදු කෙරුණු  අතර 1960 වන විට අ.පො.ස සා. පෙළ සඳහා ද පන්තියක් ආරම්භ කෙරුණි. 1965 මාර්ත මස 29 වන දෙන මහනුවර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ 1965 මාර්තු දහ අට දින දරන ලිපිය අනුව මෙම පාසල මහාවිද්‍යාල තත්ත්වයට උසස් කර මහා හදවනාව මහා විද්‍යාලය නමින් ප්‍රසිද්ධ කෙරිණි. 1974 මාර්තු මාසයේදී පාසලේ උසස් පෙළ පන්තියක්ද ළමුන් පස්දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී. 1984 වර්ෂයේදී පැවැත් වූ උසස් පෙළ විභාගයෙන් 1985 වර්ෂයේදී පාසලෙන් සිසුවකු පළමු වරට විශ්ව විද්‍යාලයට තේරී පත්ව ඇත.

 විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය,  පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 30 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 4 කින් සමන්විතය. 647 පමණ  වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "දැනුමෙන් චින්තනයට චින්තනයෙන් පරිපූර්ණත්වයට" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.