ජය හඩ නැගු ලක් දෙරණේ
සිරි සරු සාර බිමේ
බල රුපු බල බුන් නර විරුවන්
දිනු හඳගනාව පියසේ
විදුහල් මව සැරදේ.... සැරදේ....
පලා පැහැති ගොවි බිම සිඹ සිඹ එන
මද නළ දෑ හැඟුමන් පුබුදයි
රන් දහඩිය බිදු මිහිකත සනසා
නිවහල් බව මුමුනයි
විදුහල් මව සැරදේ.... සැරදේ....
සරා ලකල දිනපතිවන් අඹරේ
අවිදු අඳුරු පට දුර හරිමින් කලා ශිල්ප විදුනැණ මඟ පෙන්වූ
විදුහල් මව සැරදේ....
දස අත තෙද බල පැතිර වූ හෙළයෝ
ලක් මව සැරසූ දූ දරුවෝ
ගිය මඟ සිහිකර දෑ කුල මල සිඳ
පෙරටම නගමු දෙපා...//





