විදුහල්පති පණිවිඩය
W.D.R.පද්මසිරි
මප/තෙල්/ හඳගනාව මහා විද්‍යාලය මධ්‍යම පළාතේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපය තුළ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කීර්තිය දිනා ඇති දීප්තිමත් පාසලකි. අප පාසලේ සිසු දරුවන් වාර්ෂිකව, කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට උරුමකම් කියති. පාසලෙන් බිහි කරන දෑහිතකාමී දරුවන් රටේ අනාගතය උදෙසා සුවිශේෂී මෙහෙවරක යෙදේ.
වර්තමානය වන විට පාසලේ ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වන Facebook පිටුව හරහා විවිධ පාර්ශව සමග තොරතුරු හුවමාරු කර ගැනීම හා දැනුම ප්‍රචලිත කර ගැනීමට තොරතුරු තාක්ෂණයේ දියුණුව ඉතා කාර්යක්ෂමව භාවිතා කරයි. එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට රැගෙන යමින් නිර්මාණය වන පාසල් වෙබ් අඩවිය හරහා එම තොරතුරු හුවමාරුව වඩාත් සක්‍රීයව හා ඵලදායිව ඉටු කිරීමට හැකිවන බව මාගේ විශ්වාසයයි.
මෙම පාසල් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ සමස්ත සංවර්ධනය වෙනුවෙන් ඔබගේ අදහස් යෝජනා පාසලේ උන්නතිය වෙනුවෙන් ලබාදීමට හා ප්‍රගතිශීලී දිශානතියකට පාසල යොමු කිරීමට යොමු කිරීමට ඔබගේ අවධානය යොමු කරන ලෙස මේ සමග සම්බන්ධවන පාසල් ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමි.
පාසල් මෙහෙවර ප්‍රකාශයට අනුව ගෝලීය අභියෝග ජයගත හැකි දරුපරපුරක් නිර්මාණය කිරීමට මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම හරහා දායකත්වය දැක්වූ සියලු දෙනාට ස්තුතිය ප්‍රකාශ කරමි.
පාසලේ අනාගත කටයුතු සාර්ථකව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ඉදිරියට යාමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
W.D.R.පද්මසිරි
විදුහල්පති
මප/තෙල්/හඳගනාව මහා විද්‍යාලය .





