මප/තෙල් හඳගනාව මහා විද්‍යාලීය සිසු සිසුවියන් අධ්‍යයන කටයුතු සඳහා මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා ඇත්තේ විශ්මිත වූ හැකියාවකි.
2019.10.02 දින "youth first" නමින් මප/තෙල්/ හඳගනාව මහා විද්‍යාලයේදී ක්‍රීඩා සමාජයක් සිසුසිසුවියන් 25දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී. ඒ වනවිටත් ක්‍රීඩා සමාජ තරගවලට සහභාගීව ක්‍රිකට්, එල්ලේ, නෙට්බෝල්, වොලිබෝල් සහ මළල ක්‍රීඩා වැනි අංශයන්ගෙන් විවිධ ජයග්‍රහණ හිමිකර ගනිමින් විද්‍යාලයට කීර්තියක් ගෙන ඒමට සිසුන් සමත්ව තිබුණි.
විද්‍යාලිය ක්‍රීඩා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙමින් 2019.08.05 දින දොළහෙන් පහළ පිරිමි කණ්ඩායමකින් රගර් ක්‍රීඩාව ආරම්භ කරන ලදී. මේ වන විට වයස අවුරුදු දොළහ, දාහතර සහ දාසයෙන් පහළ පිරිමි රගර් කණ්ඩායම් ද ආරම්භ කර ඇත.
🏅මෑතකාලීනව විද්‍යාලය ක්‍රීඩා අංශයෙන් ලැබූ ජයග්‍රහණ කිහිපයක්🏆
🏉2022.03.12 වන දින පල්ලෙකැලේ ට්‍රින්ටි විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී පැවැති ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය විසින් මෙහෙයවනු ලැබූ වයස අවුරුදු දොළහෙන් පහළ සත් සමාජික ඩයලොග් පාසල් රග්බි තරගාවලිය සඳහා අප විද්‍යාලය සහභාගි විය.
🏉දොළහෙන් පහළ පළාත් 7'S site තරඟාවලිය - 2022.03.12
🏉මධ්‍යම පළාත් chairman trofy තරඟාවලිය - අවුරුදු 16න් පහළ
🏉2023 මධ්‍යම පළාත් elite තරඟාවලිය champ - අවුරුදු 14 න් පහළ
🏉පළමු රගර් කණ්ඩායමේ දක්ෂතාවයන් නිසා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු වන E.Y.M.S. කරුණාරත්න මහතා අධයාපනය ලැබූ පාසල වන කිංග්ස්වුඩ් විද්‍යාලයේ 2011 කණ්ඩායම මගින් රුපියල් 80000ක මුදලක් පරිත්‍යාග කරන ලදී.එම මුදල් විද්‍යාලයේ ක්‍රීඩා කාමරය අළුත්වැඩියා කිරීම සඳහාත් අවශ්‍ය ක්‍රීඩා අම්පන්න ලබා ගැනීම සඳහාත් යොදවන ලදී.
🏉 Union assurance ආයතනය මගින් කෙට් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සහ පාසලට නොතිබූ කාය වර්ධන උපකරණ කට්ටලයක් ලබාදීමටද කටයුතු කරන ලදී.( https://youtu.be/WwGkSCaJAus?si=XXfTU4CAYN3h5foR)
🏊♂️ කාන්තා සහ පිරිමි පිහිනුම් කණ්ඩායම් ආරම්භ කිරීම.





