2022 ක වර්ෂයට පෙර අප පාසලට කෘෂි විද්‍යාව ගුරුවරයෙකු නොසිටි සමයක පාසලට පැම්ණි කෘෂිකර්මය ගුරුවරයා සහ දරුවන්ගේ අසීමිත කැපවීම මත පාසලේ කෘෂිකර්මය අංශය විශාල වෙනසකට හැරවුනි.
මිනිපේ ග්‍රාමයේ පිහිටා තිබෙන අප පාසල කෘෂිකර්මාන්තයට හිතකර පාංශු පරිසර තත්වයක් පැවැතුනද පාරිසරික දුෂ්කරතා රැසක් ඇතිවන ප්‍රදේශයකි.කාලයකට ඇතිවන අධික සුළඟ,අධික පෑවිල්ල් නිසා පාසලේ වගාවක් පවත්වාගෙන යාම දරුවන්ට මුහුණ දීමට සිදු වූ අභියෝගයක්.
නමුත් එම අභියෝග ජය ගමින් ප්‍රථමයෙන් අප පාසල කෘෂි විද්‍යාව සමාජයක් පිහිටුවීම සිදු කළ අතර ඒ මගින් පාසලේත් පාසලෙන් පරිභාහිරවත් විවිධ අත්දැකීම් ප්‍රමාණයක් සිසුන්ට ලබා ගැනීමට අවස්ථාව උදා කර ගැනීමට අපට හැකි විය.මේ සදහා මොරයාය කෘෂිකර්මය උපදේශක තුමාගේ සහ තාක්ෂණික නිලධාරි තුමියගේ සහය නිරන්තරයෙන් අප පාසලට ලැබීමත් සිදු විය.
කෘෂිකර්මය ආශ්‍රිතව සිදු කල කාර්යයන් කිහිපයක් ලෙස,
☘️කොම්පෝස්ට් සෑදීම
☘️මී මැසි පාලන ඒකකයක් ආරම්භ කිරීම
☘️කෘෂි ව්‍යවසායකත්ව ගෙවතු වැඩසටහනට සහභාගී වීමෙන් පලමු අදියරට අදාළ පියවරයන් සම්පූර්ණ කිරීම
☘️පාසලේ ගෙවතු වගාව පවත්වාගෙන යෑම.
☘️ කහ වගාවක් පවත්වාගෙන යෑම.
☘️බඩ ඉරිගු ,බටු ,කෙසෙල් ,පලා වර්ග,රාබු,මිරිස්, වැනි විවිධ වගාවන් පවත්වාගෙන යෑම මගින් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය හැකි පමණින් සැපරීම අප පාසලෙන් සිදු වූ කෘෂිකර්මාන්තට ආශ්‍රිත කාර්යයන් ලෙස දැක්විය හැකි වේ.
තවද අප පාසලේ දරුවන් සිදු කරන කෘෂිකර්මය අශ්‍රිත කාර්යන් සමාජයට පණිවිඩයක් සේ ලබා දීමට සමාජ මධ්‍යක් වන මුහුණු පොතේ Agro Club ලෙස පිටුවක් ආරම්භ කිරීමද සිදු විය.ඔබට ඒ හරහා පාසලේ සිදු කල ක්‍රියාකාරකම් බලා ගැනීමේ හැකියාව ඇත
එමෙන්ම 2023 වර්ෂයේ කෘෂි විද්‍යා දැනුම මිනුම තරගයෙන් අප පාසලේ එක් සිසුවෙක් සමස්ථ ලංකා තරග සදහා සහභාගී වීමද සිදු වීම අප පාසලට විශේෂ අවස්ථාවකි.





